අපගේ භෞතික ශරීරය සහ මනස අතර මායාමය සම්බන්ධතාවය - අපි නැවත ඉපදෙනවාද ? (සාරාංශය)
සාරාංශය: මෙම ලිපියේ 1 වන කොටස අපගේ මොළයේ රසායන යාන්ත්‍රණය හා විද්‍යුත් ක්‍රියාකාරීත්වය මෙන්ම ජීව විද්‍යාව අනුව මිනිස් මනස සහ ශරීරය අතර සම්බන්ධය මතු කළේය. මිනිස් මනසෙහි ආරම්භය, ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීම සඳහා මෑත කාලීන විද්‍යාත්මක සොයාගැනීම් මේවාය. 2 වන කොටස එයට යම් ආගමික සන්දර්භයක් ගෙන ආවේය. එහිදී, විවිධ ආධ්‍යාත්මික සම්ප්‍රධායන් එකම වූ ආධ්‍යාත්මයක්, අවධියක් කරා විවිධ වූ මං මාවත් වලින් ලඟා වෙන ආකාරය විස්තර කලේය. මේ ආකාරයෙන් ලිපි දෙකම විද්‍යාව සහ අධ්‍යාත්මිකත්වය අතර සම්බන්ධය ස්ථාපිත කළ අතර එය පාඨකයාට නව ඉදිරිදර්ශනයක් ලබා දුන්නේය. පළමු ලිපි දෙකින ඇරඹූ මේ ලිපි පෙල, මෙම තුන් වෙනි කොටසින් අවසන් වෙන අතර මේ ලිපිය, අප සතු සමහර දැවෙන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයයි.
රූපය 1. මරණින් පසු ක්‍රියාවලිය (බාර්ඩෝ තත්ත්වය හෝ දෙවියන්ගේ විනිශ්චයේ ඇමතුම).
1. අපි පුනරුත්පත්තිය ලබනවාද?
බොහෝ හේතු නිසා මිනිසුන් අධ්‍යාත්මික පිළිවෙත්වල නිරත වේ. සමහරෙක්ට දුකින් නිදහස් වීමට, නිවනට ලඟා වීමට අවශ්‍ය වන අතර සමහරුන්ට ඔවුන්ගේ ආත්මයේ අරමුණ සොයා ගැනීමට අවශ්‍ය වේ. දුක් වේදනා ප්‍රධාන වශයෙන් සිදුවන්නේ මානසික ක්ෂේත්‍රය තුළ වන අතර, සතිමත් භාවය, භාවනාව, ස්වයං විමර්ෂණය හා ආධ්‍යාත්මික කටයුතු, පුද පූජා වල නියැලීම, මේ දුක් වේදනා විඳවීම් වලින් ගැලවීමට මගක් ලෙස බොහෝ අය නියැලෙයි.
කුඩා කල සිටම, අපි ආගමික වීමට සහ විශ්වාස පද්ධතියක් අනුගමනය කිරීමට පෙළඹී ඇත; සමහර අය එයින් ඔබ්බට ගොස් මෙම ආගම්වල ගැඹුරින් ඇති, යතාර්ථවාදී ව පවතින පණිවිඩය සොයා ගනී. එවැනි එක් විශ්වාසයක් නම්, උපන් සියලු ජීවීන් (මනුෂ්‍යයින් ඇතුලු) මරණයෙන් පසු නැවත, නැවතත් ඉපදෙන බවයි. මෙලෙස ජීවිත කිහිපයක් හරහා යමින්, තාවකාලික නවාතැනක, කරණම් ගසමින්, අපි අපගේ විඥානය තුළ පරිණාමය වෙමු. මෙම නිමක් නැති චක්‍රයේ යම් අවස්ථාවක දී, අපට මිනිසුන් ලෙස අපගේ ජන්ම අයිතිය දැනගැනීමට පටන් ගනී. ඒ අධ්‍යාත්මික ඥානාලෝකය, එහෙමත් නැති නම් පූර්ණ සත්‍යාවබෝධය කරා වැඩ කිරීමයි.
නමුත් අපි නැවත ඉපදෙනවාද, නැතිද? මේ පිටුපස ඇති අභිරහස හෙළි කළ හැක්කේ මිය ගිය (මරණයට ආසන්න හෝ එය අභිබවා ගිය) සහ ඉන් පසු නැවත ජීවිතයට පැමිණි පුද්ගලයෙකුට පමණි. මෙම දුර්ලභ සිදුවීම මිනිස් ඉතිහාසයේ බොහෝ ආධ්‍යාත්මික පුහුණු කරුවන්ට සිදුවී ඇති අතර එය "නැවත නැඟිටීම" හෝ වෙනත් වචන වලින් කිවහොත්, "අවසාන විමුක්තිය", මිනිස් ආත්මයක "දිව්‍යමය අවතාරය" ක් වීම ලෙස හැඳින්වේ. ශුද්ධ වූ ආත්මය, එහෙම නැති නම් බුදු දහමට අනුව "ධර්මකාය, පූර්ණ කය" මිනිස් ස්වරූපයකට අවතාර වීමට නම්, භෞතික ශරීරයේ දුක් වේදනා සහ පැවැත්මේ ක්‍රියාවලිය හරහා ගමන් කළ සාමාන්‍ය මිනිස් ආත්මය පළමුව ඉවත් විය යුතුය. මෙම වෙන්වීම පූර්ණ මරණයේ අත්දැකීම ලෙස හඳුන්වයි. සීමිත මිනිස් ආත්මය මෙහිදී, දිව්‍යමය තත්වයකට අනුගත වේ. එවිට දිව්‍යමය අවතාරය වූ, ඒ විශ්ව ශක්තිය මොළයේ සහ භෞතික ශරීරයේ මතකයන් සමඟ එහි ශක්තිය ඒකාබද්ධ කරයි. මේ ආකාරයෙන්, සත්‍යය මිනිස් ස්වරූපයෙන් මූර්තිමත් වේ. සිද්ධාර්ථ ගෞතමයන්, ජීසස් ක්‍රිස්තුස් හා අප ගුරු කුලයේ ප්‍රධානී ඩී. ඒ. ජයසූරියන්, සත්‍යය මූර්තිමත් කල මෙවැනි දිව්‍යමය අවතාරයන් වේ.
අව්‍යාජ අධ්‍යාත්මික මරණය - ශරීරයෙන් පිට වන්නා වූ සෑම ආධ්‍යාත්මික අත්දැකීමක් ම, නියම මරණයේ අත්දැකීම නොවෙයි !!!
ඒ පිටුපස ඇති විද්‍යාව ගවේෂණය කරමු. මේ පිළිබඳව යම් ආලෝකයක් ලබා දිය හැක්කේ එවැනි තත්වයකට පත් වූවෙකුට පමණි. මෙහි එන බොහෝ කාරණා, ආගමික හා ආධ්‍යාත්මික ඉතිහාසයන් තුල ඇති දත්ත මත මෙන්ම, ඩී. ඒ. ජයසූරිය දිව්‍යමය ගුරුතුමන් හා ඒ ගුරු කුලයේ පුහුණු කරුවන් හරහා එන තොරතුරු මත පදනම් වන්නේය.
ඕනෑම භාවනා ක්‍රමයකින් සිදුවන්නේ, අප තුළ අති සියුම් සමාධි තල තත්වයක් (ඉන්දියානු සම්ප්‍රදායන්හි ඤාණ/සමාධි) හෝ සිහි කල්පනාව (සතිමත් භාවය) වර්ධනය කිරීමක් සිදු කිරීමයි. මෙමගින් අපි අප තුළ ඉහළ කම්පන ප්‍රභවයක් පවත්වා ගැනීමට උත්සාහ කරමු. මෙය සාක්ෂාත් කර ගැනීමට ඇති ප්‍රධානම බාධකය අපගේ භෞතික ශරීරය සහ කර්ම ව්‍යුහය තුළ පවතී, මන්ද ඒවා සහජයෙන්ම “රළු හා පහල කම්පණ සංඛ්‍යාත” වල පිහිටන නිසයි. අපි අපගේ භාවනාව හරහා ඉදිරියට යන විට (එක් එක් පුද්ගලයා සඳහා ප්‍රගතිය වෙනස් වන අතර එය සංසාරයේ හෝ ආත්මයේ පරිණතභාවය මත රඳා පවතී), අප තුල ඇති ගොරෝසු මනස ශක්ති මට්ටම් කිහිපයක් හරහා ඉහළට යා යුතුය. අප තුළ ඇති සෑම ශක්ති මට්ටමක්ම විශ්වීය ශක්ති මට්ටම් සහ ඒවායේ සංඛ්‍යාතවලට කුඩා පරිමාණ සමානකමක් දක්වයි. මෙම කරුණ සමහර ආගමික සන්දර්භයට ද ගැලපෙන අතර “මිනිසා දෙවියන්ගේ පුත්‍රයා”, “මිනිසා විශ්වයේ කාබන් පිටපතක්” වැනි ප්‍රකාශ සමඟ මනාව ගැලපේ. ඔබේ මානසික අවශෝෂණයන් (සමාධීමය) වර්ධනය පහත අනුපිළිවෙලටම තිබිය යුතු නැත, නමුත් එය අපගෙන් බොහෝ දෙනෙකුට මේ ආකාරයෙන් සිදුවිය හැක.
රූපය 2. විවිධ භාවනා අවශෝෂණ (එනම් සමාධි).
බහු වර්ණවලින් යුත් ශක්ති මට්ටම් ඔබට අලුත් දෙයක් නොවිය යුතුය; ඒවා දෘශ්‍ය ආලෝක වර්ණාවලියේ සංඛ්‍යාත වේ. මෙම ආලෝකයන් අභ්‍යන්තර ශක්ති මධ්‍යස්ථානවල අවදි වූ තත්වය පිළිබිඹු කරයි (ඒවා මෙම ලිපියෙන් ආවරණය නොකෙරේ). මෙම දෘශ්‍ය වර්ණාවලිය තුළ ඇති මානසික අවශෝෂණයන්හි අපගේ මනස සැමවිටම යම් තොරතුරු, නාම-රූප සහ ආකාර වටහා ගනී. මෙයින් අදහස් කරන්නේ මානසික දැනුවත්භාවය ඒ ඒ ශක්ති මට්ටම් පුරා විවිධ මට්ටම් වලින් පවතින අතර පහළම සිට ඉහළම දක්වා, රළු තත්වයේ සිට, අතිශය සියුම් තත්වයට ඒවා පත්වන බවයි. නිදසුනක් වශයෙන්, බටහිර හා නැගෙනහිර සංස්කෘතීන්හි යෝගීන්, තම මුතුන් මිත්තන් (ancestors) හෝ ඔවුන්ගේ භාවනා දර්ශනවල දිස්වන බව කියන සමහර ශක්ති ආකාරවලට නමස්කාර කරයි. ඉන්දියානු සම්ප්‍රදායේ එන ගණපති, මේ සඳහා උදාහරණයකි. මේ ලිපිය ලියන මමද, විවිධ වූ හින්දූ දෙවි වරුන් භාවනා සමාධි වලදී දැක ඇත. මෙය දෘශ්‍ය වර්ණාවලියට සාමාන්‍ය දෙයකි, එහිදී අපගේ මනස යම් කම්පන මට්ටමකට පැමිණ, (අවශෝෂණය හෝ සමාධි) එකම ශක්ති මට්ටමක අදාළ විශ්වීය ආයතනවලට සුසර වේ. ඒවා භාවනාවේදී නාම-රූප ආකාර ලෙස දිස්වේ. බොහෝ බෞද්ධ සම්ප්‍රධායේ යෝගීන් මේ දර්ෂණ ප්‍රතික්ෂේප කලද, එම අප ඉදිරියේ සමාධීමය තලයෙන් මැවී එන්නා වූ ඒ අතීත දේව ශක්තීන් හා ආදී මුතුන් මිත්තන් ගේ දර්ෂණ, බොහෝ විට අප ආධ්‍යාත්මික දියුණුවට උදවු කරයි. එය අපගේ ශක්ති පද්ධතියේ වර්ධනයට උපකාර කෙරෙයි.
නමුත් "සතෝරි" (එනම් ඒකත්වය, නිර්විකල්ප සමාධි, නිරෝධ සමාපත්ති, පැහැදිලි ආලෝක මනස) යනු අපගේ මනස ශුන්‍යතාවයට අතුරුදහන් වන වඩාත් දියුණු තත්වයකි. මෙය අධ්‍යාත්මික ගමනේ ආරම්භක ලක්ෂ්‍යය වන අතර එහිදී භාවනා කරන්නා තම ජීවිතයේ පළමු වතාවට "මනසක් නැත, ඇලීමක් නැත, හඳුනාගැනීමක් නැත" යන තත්වයට මුහුණ දෙයි. මෙය මුළු පැවැත්ම සමඟම ඒකායන වීමක් ලෙසද කෙනෙක්ට අර්ථ දැක්විය හැක. මේ සතොරියට අපගේ එදිනෙදා පවතින, ගතික විඥ්ඥානයටද විශාල බලපෑමක් එල්ල කල හැක. එය අපගේ විඥ්ඥානයේ පවතින ගුණාත්මක භාවයටද හේතු වේ.
"කුමන හෝ අහම්බෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු හෝ මත්පැන් වලට ඇබ්බැහි වූවෙකු මෙම විඥ්ඥානය සම්පූර්ණයෙන්ම අතුරුදන් වන, පාරිශුද්ධ තත්වයටඅත්දැකීමට මුහුණ දුන්නොත්, ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම පරිවර්තනය වනු ඇත. අපගේ මනස කෙරෙහි එහි බලපෑම කෙතරම් වැදගත් ද යත්, අපගේ චරිතයේ නරකම ඇබ්බැහිවීම් පවා අතුරුදහන් විය හැකිය."
මෙම සමාධි මට්ටමේදී මනසෙහි ක්‍රියාකාරකම් කිසිසේත්ම නොමැති බැවින්, එය "කර්ම නොවන" තත්වයක් ලෙස හැඳින්විය හැක. එවැනි භාවනා තත්වයක් වර්ධනය කිරීමේ වාසිය නම්, කාර්යබහුල වැඩ කරන දිනයකින් පසුව වුවද, ආතති සහගත තත්වයකින් පසුව වුවද, මනසට එහි මූලාශ්‍රය වූ "මනස නැති" තත්වයට, භාවනානුයෝගීව ගොස් ප්‍රබෝධමත් වී නැවත සාමාන්‍යය මනසට පැමිණීමට ඇති හැකියාවයි. මෙය අප මනසේ නැවුම් බව පවත්වා ගැනීමට පිටුවහලක් වේ.
සතොරිය හෝ කෙන්ෂෝව යනු වඩාත්ම ගැඹුරු සමාධි තත්වයක් නොවන අතර, එයට බොහෝ සියුම් රූපාවචර හා අරූපාවචර සමාධි මට්ටම් හරහා ගොස් පැමිණිය හැක. එබැවින් මනසෙහි මූලාශ්‍රය ඊටත් වඩා ගැඹුරු සමාධි තත්ව දක්වා යයි. මෙම තත්වයට පසු එන සමාධි තත්වයට, විශ්වීය ආදරය හෝ ස්වර්ණමය සමාධිය (ආනන්දමාය කෝෂය, හෝ සොරුභා සමාධිය) ලෙස හැඳින්වේ. බෞද්ධ ග්‍රන්ථවලට අනුව (මහායාන/වජ්‍රයාන බෝධිසත්ව මාර්ගය), පූර්ණ මරණයේ අත්දැකීමේ ක්‍රියාවලියට පෙර මෙවැනි රන්වන්මය සමාධි මට්ටම් අටක් පමණ ඇත ! හොඳින් පුහුණු වූ යෝගියෙකු, මේ මට්ටම් හරහා ඉතා ඉක්මනින් සමාධි ගත වන අතර, එවැන්නෙකුට මෙවැනි මට්ටම් 8 ක් තිබෙනවා දැයි ද යන්නවත් නොතේරෙන්නට පිලිවන. එය භාවනාව අතරතුර සියුම් මානසික දැනුවත්භාවය මත රඳා පවතී. එය තරමක් තියුණු නම්, අවම වශයෙන් භාවනා කරන්නාට මෙම ක්ෂේත්‍රය තුළ තීව්‍රතා කිහිපයක් පෙනෙනු ඇත, නමුත් ඒ සියල්ල ඔහුට මතක තබා ගත හැක්කේ ඔහු භාවනාවෙන් පිටතට පැමිණි විට පමණි. මෙම සමාධි මට්ටම් වල මානසික ක්‍රියාකාරකම් ද නොමැත.
රූපය 3. අප තුල පවතින සූක්ෂම ශරීර හා ශක්ති මධ්‍යස්ථාන සමඟ ඒවායේ සම්බන්ධතාවය.
භාවනා කරන්නා මේ සියලු භාවනා අවශෝෂණ ඉක්මවා ගියහොත්, ඔහුගේ කම්පනය යම් අවස්ථාවක දී ඔහුගේ භෞතික ශරීරයට දරාගත නොහැකි වේ.
"නිදසුනක් ලෙස, සන්නායකයක විද්‍යුත් සංඥාවක් ඉතා ඉහළ සංඛ්‍යාතයකින් සුසර වූ විට (modulate) වූ විට, එය සන්නායකයේ තව දුරටත් තබාගත නොහැක. එය රේඩියෝ තරංගයක් ලෙස සන්නායකයෙන් පිටවීමට බලයි. ඇන්ටනා ක්‍රියා කරන ආකාරය මෙයයි."
අපගේ භෞතික ශරීරයට සහ ශක්ති පද්ධතියට ද මෙය අදාළ වේ; ශරීරය තුල ශක්තිය දරාගත නොහැකි නම්, අප ආත්මය ලෙස හඳුන්වන දේ අපගේ දළ ශරීරයෙන් ඉවත් වේ. ආත්මය යනු කුමක්ද සහ අපගේ මනසට සහ භාවනා අවශෝෂණයන්ට එහි සම්බන්ධය කුමක්ද? සෑම ශක්ති මට්ටමකටම ඒ හා සම්බන්ධ සියුම් ශරීරයක් ඇත. විඥ්ඥාන ශක්තිය යනු මෙම සියලු සියුම් ශරීරවල එකතුව වන අතර, එබැවින් මනස ඉහළ ශක්ති තත්වයකට ළඟා වූ විට, මෙම සියුම් ශරීර දළ භෞතික ශරීරයෙන් ඉවත් වීමට නැඹුරු වේ. ඇස්ට්‍රල් ශරීරය හරහා ගමන් කිරීම (Astral Body Travel) අපගේ භෞතික ශරීරයෙන් එවැනි සියුම් ශරීරයක් පිටවීම සඳහා ප්‍රධාන උදාහරණයකි. භාවනාව අතරතුර ඇති අව්‍යාජ NDE අත්දැකීම් බොහොමයක් මෙයටම සමාන උදාහරණ වේ. කෙසේ වෙතත්, සියලුම සියුම් ශරීර (අප තුල සූක්ෂම ශරීර 9ක් ඇති බව, මහා/වජ්‍රයාන දර්ශනයේ හා යෝගී දර්ෂණය තුල සඳහන් වේ.) පිට වුවහොත් පමණක්, පූර්ණ මරණයේ අත්දැකීම සිදුවන බව අවධාරණය කළ යුතුය. මෙහිදී යෝගියාට "මරණය" නැමැති ක්‍රියාවලියේ ගතිකත්වය පැහැදිලිව දැකගත හැකි අතර විශ්වයේ බොහෝ අභිරහස් හෙළි කිරීමට ජීවමාන සාක්ෂියක් ලෙස නැවත ජීවයට පැමිණිය හැක්කේ මෙහිදීය. කෙසේ වෙතත්, නැවත නැඟිටීම (මරණයෙන් උත්ථානය - Divine Incarnation) සිදුවන්නේ ස්වල්ප දෙනෙකුට පමණි. බොහෝ භාවනා කරන්නන් තම භෞතික ශරීරයෙන් ඉවත්ව යන විට, එය සදහටම අත්හරිති, කිසිදු භෞතික හෝ සියුම් ක්ෂේත්‍රයක නැවත ඉපදීමක් නොගනී. මෙය අප "මහාසමාධි" ලෙස හින්දු යෝග ක්‍රමය තුල හඳුන්වන දෙයයි.
1. පූර්ණ සත්‍යාවබෝධයට පැමිණි අයවලුන් පමණක් (නැවත නැඟිටුවනු ලැබූ හෝ මහාසමාධිය අත්කර ගත් අය) නැවත නොඉපදෙන්නේ මන්ද?
ඔබ කෙනෙකු සමඟ ඔවුන්ගේ අවසාන මොහොතේ සිටියා නම්, ජීව බලය (ආත්මය) ඔවුන්ගේ භෞතික ශරීරයෙන් ඉවත් වූ ආකාරය ඔබ ඉදිරියේම අත් දකින්නට ඇත. බොහෝ සාමාන්‍ය පුද්ගලයන් සඳහා, මරණාසන්න මොහොතේ ආත්මය ශරීරයෙන් පිටවීම ශරීරයේ පහළ විවරයන්ගෙන් සිදු වෙයි: මුඛය, කන්, නාසය යනාදිය. පූර්ණ සත්‍යාවබෝධයට පැමිණි අයෙකු පමණක් ශරීරයේ ඉහළම පිටවීම වන හිස් මුදුනින් (සහශ්‍ර චක්‍රයෙන් - සමහර අධ්‍යාත්මික සම්ප්‍රදායන්හි බ්‍රහ්මරන්ද්‍ර හෝ උෂ්ණිෂා) සවිඥානිකව පිටවිය හැකිය. මරණයෙන් පසු ඔවුන්ට කුමක් සිදුවේද?
පූර්ණ සත්‍යාවබෝධයට පත්වූවෙකුට සියලු සියුම් ශරීර කෙරෙහි ප්‍රවීණත්වයක් ඇති විට, ඔහුට ඔහුගේ භාවනා සමාධි භාවිතා කරමින් ඔහුගේ සියුම් ශරීර හරහා ගමන් කළ හැකිය. ඔහුගේ මනස මිනිස් සිරුරකට ලංවිය හැකි ඉහළම කම්පන මට්ටමට බොහෝ විට පැමිණෙයි. එබැවින් ශක්තිය ට සාපේක්ෂව, ඔහුගේ ආත්මය සාමාන්‍ය ජීවියෙකුට වඩා බොහෝ සැහැල්ලු ය. අපගේ භෞතික මරණයේදී, ශරීරයෙන් ඉවත් වූ පසු, අපගේ ආත්මය විශ්වයේ මූලික ශක්ති ප්‍රභවය (ඉහළම විශ්ව ශක්තිය හෙවත් ධර්මකාය) හරහා යා යුතුය. අපගේ පුනරුප්පත්තිය ඇත්තටම තීරණය වන්නේ අපගේ ආත්මයේ බර හෝ අවධි නොවූ සූක්ෂම ශරීර වල අපිරිසිදුකම (සියුම් ශරීර සංයෝජනය) අනුවයි.
රූපය 1 හි පෙන්වා ඇති පරිදි, ඔබේ ආත්මය මූලික ශක්ති ප්‍රභවයේ මට්ටමට වඩා සැහැල්ලු නම් හෝ එහි සංඛ්‍යාතයට ආසන්න නම්, මෙම ආත්මයට මෙම විශ්වීය ප්‍රභවයට නැංගුරම් ලා හෝ ඒකාබද්ධ වී එහි කොටසක් බවට පත්විය හැකිය. ඊට පසු, එම ඒකාබද්ධ වීමෙන් පසු, පුද්ගලයෙකු, වෙන්වීමක් හෝ පෞද්ගලිකත්වයක් සොයාගත නොහැක. නමුත් ආත්මයේ බර විශාල හා එය රළු නම්, එයට මෙම විශ්වීය ශක්තියට නැංගුරම් ලා ගත නොහැකි අතර, එම නිසා එය ස්වභාවිකවම ප්‍රභවය හරහා පහළ ශක්ති මට්ටමකට ගමන් කර එම මට්ටමට සුදුසු භෞතික ශරීරයක් සොයා ගනී. පිරිසිදු හදවතක් සහ ධනාත්මක බවක් ඇති පුද්ගලයෙකුට නිසැකවම නපුරු පුද්ගලයෙකුට වඩා සැහැල්ලු ආත්මයක් (ශක්ති ශරීර) ඇති අතර, විශ්වයේ මහ බල ශක්තිය (බාර්ඩෝ තලය, Primordial Energy) විසින් දෙදෙනාටම, ආත්මයේ රළු භාවයට එහෙම නැත්නම් පිරිසිදු භාවයට සාපේක්ෂව ගැලපෙන භෞතික් ශරීර ලබා දෙයි. පුද්ගලයෙකු ඉහළතම දිව්‍ය තලයකට (අරූපාවචර හෝ සුද්ධාවාස ) ගමන් කරන්නේ නම්, ඔවුන්ට බොහෝ විට භෞතික ස්වරූපයක් නොතිබෙනු ඇත, නමුත් මූලික ප්‍රභවයට වඩා බෙහෙවින් අඩු කම්පන ශක්තියක් ඇත. මූලික විශ්වීය ප්‍රභවය හරහා මෙම කෙටි ශක්ති සංක්‍රාන්ති කාලයට අපට ආගමික යෙදුමක් ලබා දිය හැක. එනම්, අවශ්‍ය නම්, "දෙවියන්ගේ විනිශ්චය" ලෙසට. බුද්ධාගමේ, මෙම සංක්‍රාන්තිය බාර්ඩෝ තත්වය ලෙස හැඳින්වේ.
2. ශරීරයේ මනස පවතීද නැතිනම් මනසේ ශරීරය පවතීද? (භාවනාමය දෘෂ්ටිකෝණයකින්) ?
පළමු ලිපි දෙක මෙම ප්‍රශ්නය කිහිප වතාවක් මතු කළ අතර, එය විද්‍යාත්මක හා ආගමික කරුණු මගින් යම් ප්‍රමාණයකට ආමන්ත්‍රණය කරන ලදී. කෙසේ වෙතත්, තීක්ෂ්ණ බුද්ධියෙන් යුත් පිළිතුරක් ලබා දිය හැක්කේ මිනිස් මනස සහ ශරීරය යන දෙකම ඉක්මවා යන භාවනා අත්දැකීමකින් පමණි. පූර්ණ මරණයේ අත්දැකීම ලත් ගුරුවරයෙක් හරහා පමණි.
පළමු කොටසේ සඳහන් කළ පරිදි, යමෙකුට භෞතික ශරීරයට ඇති ආත්මයේ හෝ සියුම් ශරීරවල බන්ධන ක්‍රියාවලිය ඕනෑම ආකාරයකින් ආපසු හැරවිය හැකි නම් (භාවනාවෙන් හෝ කුමන හෝ ආධ්‍යාත්මික ක්‍රමයකින්), එය අපගේ මනසම, භෞතික ශරීරය අතික්‍රමණය කිරීම උදෙසා භාවිතා කිරීමකි. එනම් මනස, භෞතිකය අභිබවා යෑමට භාවිතා කිරීමකි. සරලව කිවහොත්, අපි සියුම් බව මගින් ගොරෝසු බව ඉක්මවා යන්නෙමු. ප්‍රති-පදාර්ථය මගින් පදාර්ථය අභිබවා යාමකි. එබැවින් ශරීරය මනසෙහි ප්‍රකාශනයක් බව පැවසීම වඩාත් තාර්කික ය. මෙම පරිවර්තනයත් සමඟ, විඥානයේ විශාල වෙනසක් සිදු වන අතර ලෝකය සහ අප කෙරෙහි අපගේ දෘෂ්ටිකෝණය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකිය. ආත්මය මෙම ශරීරයට බැඳීම සිදුවන්නේ අප ඉපදෙන විට වන අතර එය සුළුපටු ක්‍රියාවලියක් නොවේ. කටු ඇනීමක් ඔබට වේදනාවක් ඇති කරයි. ටික වේලාවකට පසු, වේදනාව දරාගත හැකි විය හැකි අතර, ඔබට කටුවක් ඇති බව පවා අමතක වී යනු ඇත. නමුත් මෙය ඉවත් කළ යුතුය; අවධානයෙන් තොරව තැබුවහොත්, තුවාලය ආසාදනයක් දක්වා වර්ධනය විය හැකිය. කටුව ඉවත් කිරීමෙන් මුල් වේදනාවට වඩා වැඩි වේදනාවක් ඇති විය හැකිය. මේ කටු ඇණීමෙන්, කටුව ඉවත් කිරීම "මමත්වයේ මරණය, පූර්ණ ආධ්‍යාත්මික මරණයට" බෙහෙවින් සමාන වේ. ආත්මය භෞතික ශරීරයට බැඳීම දුෂ්කර නම්, ඉවත් කිරීමේ ක්‍රියාවලිය ද දුෂ්කර ය. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය ආත්මයේ යම් පරිණතභාවයක් ඇති ඕනෑම කෙනෙකුට හෝ අධ්‍යාත්මිකත්වයේ සැබෑ භාවිතයක් ඇති ඕනෑම කෙනෙකුට සිදුවනු ඇත.
3. අප අනුගමනය කළ යුතු අධ්‍යාත්මික පිළිවෙත කුමක්ද?
මෙම පරම්පරාවේ පුහුණු කරුවන් බෞද්ධ තන්ත්‍ර පසුබිමකින් පැමිණියද (අපට අපගේම භාවනා සහ යෝග ක්‍රම තිබේ), අනුගමනය කිරීමට නිශ්චිත අධ්‍යාත්මික පිළිවෙතක් නොමැත. අභ්‍යාසය, ක්‍රමය හෝ ශ්‍රද්ධාව යනු මාර්ගයට දොරටුවක් පමණි. ඔබේ ගුරුවරයාට, ඔබේම පිළිවෙතට හෝ පැවැත්මට භක්තියෙන් පුහුණු වුවහොත්, ආශිර්වාද අනපේක්ෂිත ලෙස ඔබ වෙත ළඟා විය හැකිය. කෙසේ වෙතත්, ඒවා ඔබේ ආත්ම කේන්ද්‍රීය අවශ්‍යතා සපුරාලීමට ඔබට පක්ෂව නොපැමිණිය හැකිය. ඔබේ අධ්‍යාත්මික මාර්ගයේ ප්‍රගතියට යන මාර්ගය රඳා පවතින්නේ ඔබේ ආත්මයට අවශ්‍ය පරිණතභාවය මත වන අතර එය ඔබේ ආත්මයේ ඔබට සැබවින්ම නොමැති අඩු පාඩු සකසා ගැනීමට රුකුලක් වේ. එය ජීවිතය වෙනස් කරන තත්වයන් හරහා ඔබව පරිවර්තනය කළ හැකිය. එනම්, ඔබට වඩාත්ම ආදරණීය කෙනෙකු ඔබට අහිමි විය හැකිය; ඔබේ දුක් වේදනා ඔබව භාවනා කිරීමට හෝ ගුරුවරයෙකු අනුගමනය කිරීමට යොමු කළ හැකිය. මෙම සියලු ප්‍රායෝගික අවස්ථා ඔබේ මාර්ගයට පිවිසුම් ස්ථාන විය හැකිය. කඩිසරව පුහුණු වුවහොත්, ඔබට අධ්‍යාත්මිකත්වයේ සම්පූර්ණ මානයන් ස්පර්ශ කළ හැකිය.



Comments
Post a Comment