අන්ධකාරයේ අවසානය, ආලෝකයේ පැමිණීම හා මාර්ගයට වැටීම !

සාරාංශය: මනසෙහි අන්ධකාරය වැඩි කාලයක් පවතින්නේ නැත. මේ ලෝකයේ සෑම ධ්‍රැවීයතාවක්ම සංක්‍රාන්තික් වන අතර ඒවා පැමිණ, නැවත නැති වී යයි. අපි මෙම සංක්‍රාන්ති සිහියෙන් නිරීක්ෂණය කල යුතුයි. අන්ධකාරය යම් කලක් විඳදරාගත යුතු අතර පසුව ආලෝකය අනුගමනය කළ යුතුය. මෙම අදියරෙන් පසු, යෝගියාට ඔහුගේ පරිණතභාවය අනුව මාර්ග දෙකක් තිබේ; ඒ ශ්‍රාවක මාර්ගය හා බෝධිසත්ව මාර්ගයයි. භාවනාමය අවශෝෂණයන් සහ අන්ධකාරය ප්‍රගුණ කිරීමෙන් පසු, අවසාන ආලෝකය ඔහුට දිස්වන අතර ඔහුගේ අවබෝධය සම්පූර්ණ වේ. අනෙක් වර්ගයට තවත් ඉදිරියට යා යුතුය, එහිදී පුද්ගලයා හරහා මරණයේ නැගිටීම සිදු වේ. අන් අයගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීම මේ මාර්ග දෙකෙහිම ගමනට උපකාරී වන දෙයයි. මෙම සටහන කැප කර ඇත්තේ ආත්මයේ අන්ධකාරය තරණය කිරීමට, තේරුම් ගැනීමට සහ උපකාර අවශ්‍ය ඕනෑම කෙනෙකුටය.

මෙය පහල ඉංග්‍රීසියෙන් පල කල ලිපියේ සිංහල අනුවාදනයයි.


රූපය 1. අන්ධකාරයෙන් ආලෝකයට: මනසෙහි ඍණාත්මක පීඩාවන් පරිවර්තනය (Transmute) කිරීම.

ආලෝකය මතු කරගැනීමට අන්ධකාරය අවශ්‍ය වන අතර එබැවින් එය නොවැළැක්විය හැකිය. මනසේ ඝනාන්ධකාරය හරහා නොගොස්, ධ්‍යානාලෝක (රූප, අරූප) හා ඵල සමාපත්ති මතු කරගත නොහැක. මෙම අදියර බාහිර බාධකයක් ලෙස වරදවා වටහා ගත හැකිය (පෙනිය හැක), නමුත් යථාර්ථයේ දී එය අපගේම අන්ධකාරය ජය ගැනීමයි. යෝගියා බෝධිසත්ව මාර්ගයේ යන්නෙක් නම් (අන් අයව ආලෝකය/බුද්ධිය කරා ගෙන යාම), ඔහුගේ මනසේ ඝනාන්ධකාරය ඉතා ගැඹුරු වන අතර එය දිගු කලක් පිහිටයි. ප්‍රවීණයා ශුද්ධ ලියවිලි දහස් ගණනක් ඉගෙන ගෙන තිබිය හැකි නමුත් සැබෑ පුහුණුව හා මාර්ගයේ ඉදිරියට ගමන් කිරීම ඔහු තුලින්ම අත්දැක, වැඩී තිබිය යුතුයි. ආත්මීය ඝනාන්ධකාරයේදී (The dark night of the soul), භාවනා ආලෝකය ද අතුරුදහන් වන බැවින්, මෙම අදියරේදී පර්යංක භාවනාවෙන් අරගල කිරීමේ තේරුමක් නැත. විපස්සනා, සිහිකල්පනාව/සතිමත් භාවය සහ ස්වයං විමර්ශනය වැනි ක්‍රම මේ අඳුරු ස්වභාවයන් ජය ගැනීමට උපකාරී වේ. ඔබේ ශක්ති නාලිකා නියාමනය කිරීම සඳහා යෝග චර්යාවන්, ශාරීරික අභ්‍යාස සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම වැනි දෑ මෙහිදී කල යුතුයි. ශරීර-මනස සහ ශක්ති පද්ධතිය හරි හැටි පෙළගස්වා, පුහුණු කර නොමැති නම්, මේවා ආත්මයේ අඳුරු රාත්‍රියේ විපත්තියට ඉන්ධන බවට පත්වනු ඇත.

බාධක ජය ගැනීමට සිහිකල්පනාව, සතිමත් භාවය හා විඥ්ඥාන මායාව තේරුම් ගැනීම.
භාවනා කරන්නන් ලෙස, අපි ප්‍රභාෂ්වර, රූපාවචර හා අරූපාවචර සමාධි වලට බෙහෙවින් ඇබ්බැහි වන්නෙමු. ඒ ස්ථරයන් තුල මනසේ අතුරුදන් වීම නිසා, ඇති සුවදායක බවට අපි අශා කරමු. ඒ අපගේ දුවන්නා වූ මනසේ ස්වභාවයයි. ආලෝකය නැති වූ විට, අන්ධකාරය පමණක් ඉතිරි වේ; ඒ සමඟ, ජීවිතය අරගලයක් ලෙස දැකිය හැකිය. මෙම තත්වය වඩා හොඳින් තේරුම් ගැනීම සඳහා, මනස පිළිබඳ උපකල්පිත විශ්ලේෂණයක් මෙහි දී ලබා දී ඇත.

රූපය 2. අපගේ මනසෙහි උපකල්පිත බෙදීම් (එනම් කාල් ජුන්ග්ගේ න්‍යාය ට අනුව මනසේ ස්ථර තුන)

සමථ භාවනා සමාධි වලින්, රූප අරූප ධ්‍යාන වලින් විඥ්ඥානයේ මායාව තේරුම් ගැනීම අපහසුය. අපගේ ආධ්‍යාත්මික දියුණුවේ විවිධ සංධිස්ථාන වලදී, එම මාර්ගය විසින්ම අපව විඥ්ඥානයේ විවිධ වූ මායාවන් හරහා ගෙන යනු ලබයි. කෙලෙස් මූලයන්ට, මනසේ අඳුරු අහු මුලුවල ට, බිය-සැක ට අනුරූප විවිධාකාර වූ මානසික චිත්ත රූප මෙකලදී මැවී පෙනෙයි. ඒවා මනසේ එකිනෙකට බැඳී පවතින්නා වූ හේතු ඵල ක්‍රියාවලියක් නිසා, එහෙම් නැත්තම් පටිච්ඡ සමුත්පන්න ස්වභාවයක් නිසා අප මනසට මැවී පෙනෙයි. මෙය කාලයක් මනස තුලින්ම චිත්ත රූප ලෙස පෙනෙන අතර, පසු කාලයේදී මනසින් භාහිර ලෝකයේ සංසිද්ධීන් ලෙසද පෙනෙන්නට පටන් ගනී. අපගෙන් පිටස්තර භාහිර ලෝකයේ සංඥ්ඥා, වේදනා, ක්‍රියා කාරකම් හරහාද අපව ඇවිලිවීමට, කලබල කිරීමට, ඇවිස්සීමට ක්‍රියා කරයි. මෙන්ම මැතැනදී යෝගියා සැබෑවටම සලිත වේ. එනම් එලියෙන් පැමිණෙනා ඇස, කණ, දිව, නාසය හා රස සංඥ්ඥා වලින් යෝගියාව හැසිරවීමට පවා භාහිර ලෝකය පෙලඹවයි.

බොහෝ යෝගීන්, වේගයෙන් "කර්ම ගෙවී යන" ප්‍රවාහයකට වැටී ආධ්‍යාත්මික දියුණුව වේගයෙන් ලඟා කරගත හැකි ක්‍රම වලට හසු විය හැක. ඒ විශ්වයේ ආශිර්වාදයෙන්, ගුරු ඇසුරකින් සිදු විය හැක. එවිට දැනෙන්නා වූ ඇඟ පත වේදනා, කැක්කුම් පිපිරුම්, මානසික වද වේදනා හා මනසේ නැගෙන්නා වූ චිත්ත රූප තුලින් හට ගැනෙන බිය, සැක, ඇලීම් නැති වන්නා වූ රූප (තම දරුවා, පවුල විනාශ වීම, ගෙවල් දොරවල් නැති වී යාම, මහ මගට බැසීම්, තම නිවස හා සේසත්/මිල මුදල් නැති වී යාම) මෙකලට දිස් වෙන අතර, නිවැරදි ගුරු ඇසුරක් නොමැති යෝගියා අමාරුවේ වැටිය හැක. එබැවින් විඥ්ඥාන මායාව, මනසේ ක්‍රියාකාරීත්වය, විසි ආකාරයක් වූ සක්ඛාය දිට්ටියේ ස්වභාවය යෝගියා යම් පමණකට අවබෝධ කර තිබිය යුතුය. නැවතත් අවධාරණය කල යුත්තේ, බෝධිසත්වරයෙක් විඳිය යුතු දුක් ගැහැට, ශ්‍රාවක මාර්ගයේ හා අනෙකුත් යෝගියෙක් විඳිනා වූ දුකට වඩා ඉතා ඉහල බවයි. ඉහත මනසේ ස්ථර තුනට අදාල රූපෙයේ පෙනෙන පරිදි, මේ සියලු රූප සඥ්ඥා, වද වේදනා හා දුක්, අවසානයේ මනසේ අවිඥ්ඥානික ස්ථරයෙන් සවිඥ්ඥානික ස්ථරයට හා භාහිර ලෝකයට මැවී පෙන්වීම මනසේ ස්වභාවයයි. එමෙන්ම එය අපගේ මනසේම "මාර" බලපෑම ලෙස හැඳින්විය හැක. එය ඇතුලත ප්‍රශ්නයක් ද, එලියේ ප්‍රශ්නයක් දැයි නුවනින් විමසීම යෝගියාගේ ප්‍රායෝගික පරීක්ෂණයයි.

ආධ්‍යාත්මික පුහුණු කරුවන්, යෝගී වරු අපාය අත් දකිත්ද?
බෝධිසත්වවරයෙකු සැමවිටම තම මනස පරිවර්තනය කිරීම සඳහා ස්වර්ගයට සහ නිරයට යවනු ලැබේ  යැයි ප්‍රසිද්ධ කියමනක් තිබේ. අපගේ අවිඥ්ඥානික මනස ස්ථරය ආත්මයේ අඳුරු රාත්‍රියට වගකිව යුතුය. අපි අන්ධකාරය දැකීමට, අපගේ ධ්‍රැවීයතාවයන් අපගේම මනස ප්‍රක්ෂේපණ ලෙස දැකීමට නොපැමිණෙන තුරු, කිසිදු ආලෝකකරණයක් අප තුල සිදු නොවේ. සමහර විට අපට හමු වන්නේ අපගේ ගැඹුරු ඇබ්බැහිවීම්වල පිළිබිඹුවකි. අවිඥ්ඥානික මනසට සවිඥානික මනසට තේරුම් ගත හැකි ආකාරයකින් එහි ස්වභාවය ප්‍රකාශ කිරීමට හෝ සන්නිවේදනය කිරීමට නොහැකි බැවින්, එම සන්නිවේදනය විවිධාකාර වූ, අමුතු (weird), විනාශකාරී (wrathful), තරහ බර ස්වරූපයෙන් පෙනෙන්නට පටන් ගනී. මෙයින් අදහස් කරන්නේ ඔබ නපුරු පෙර නිමිත්තක් යටතේ සිටින බව නොවේ; එයින් අදහස් කරන්නේ ඔබේ මනසෙහි ඇති විෂ වලට පවිත්‍ර කිරීම අවශ්‍ය බවයි. ඒවා ප්‍රඥාව බවට පත් කිරීම ට ඇවැසි බවයි. බෞද්ධ අධ්‍යයනයන්හි දී, පවිත්‍ර කළ යුතු විෂ පහක් ඇත: ඇලීම, පිළිකුල, නොදැනුවත්කම, උඩඟුකම සහ ඊර්ෂ්‍යාව මේවායි. මෙයින් අදහස් කරන්නේ ඔබ අනිවාර්යයෙන්ම අත්හැරිය යුතු බව නොවේ; එයින් අදහස් කරන්නේ ඔබ අතීත ජීවිත සමුච්චය කිරීම් ඇතුළුව ඔබේ මනසෙහි ගැඹුරු කොනෙහි ඇති කුණු කසළ පිරිසිදු කරන බවයි. සාම්ප්‍රදායික තාන්ත්‍රික මහාකාල පිළිවෙත මහාකාල යක්ෂයා ගෙන් සැබෑවටම අර්ථ කතනය කලේ මෙම තත්වය හැසිරවීමට සහ අපගේ ඍණාත්මක පීඩාවන් පරිවර්තනය කිරීමට බව අපි විශ්වාස කරමු.

ඔබේ දර්ශනවල (සිහින හෝ භාවනාව අතරතුර) ප්‍රචණ්ඩත්වය ඔබ දුටුවහොත්, එය ඔබේ කෝපය සහ ඒ ආශ්‍රිත අතීත ජීවිතයේ කර්ම පිළිබිඹු කරයි.

මනසේ අඳුරු ස්වභාවයන් වල ප්‍රතිබිම්භ පෙනීමට උදාහරණ
උදා:- අඳුරුතම කාල පරිච්ඡේදයේදී සිතේ අනුසය කෙලෙස්, ශක්තීමය පිරිසිදු වීම් නිසා දිවා කාලයේදී ඇති කරන කෝපය හෝ බිය රාත්‍රියේ සිහින තත්වයේදී ප්‍රචණ්ඩකාරී සිදුවීමක් (යමෙකු මරා දැමීම) ලෙස පිළිබිඹු විය හැකිය. එවිට ප්‍රශ්නයක් පැමිණේ, ආත්මයේ අඳුරු රාත්‍රියට පෙරදී (පහළ අධ්‍යාත්මික මට්ටම්) මෙය එසේ නොවන්නේ මන්ද? රූපය 2හි නිරූපණය කර ඇති පරිදි, උඩු (සවිඥ්ඥානික) හා මැද හිත්, අවිඥ්ඥානික සිතට ඉහළින් පිහිටා ඇත. උඩු ස්ථර දෙක පැහැදිලි සැහැල්ලු මනසින් පිරිසිදු කළ විට (දකුණු පස රූපය බලන්න), අවිඥානික ස්ථරයේ ලක්ෂණ/කුණු/කෙලෙස් ඉහළට ගොස් අනෙක් දෙකට වඩාත් දෘශ්‍යමාන වේ. එබැවින් බලපෑම සැලකිය යුතු ය. දිවා කාලයේදී, මෙම ලක්ෂණ කාන්දු වීමේ බලපෑම ද ඔබට දැකිය හැකිය. මෙකලදී මනස නුරුස්සයි. හැඟීම් වලට වහල් වීම මෙන්ම හැඟීම් දරාගැනීමට නොහැකි අවස්ථාද පැමිණේ. ඒ නිසා අපි ඒවා නිරීක්ෂණය කිරීමට සිහිය භාවිතා කරන අතර අප සිහියෙන් සිටින මේ සියලු හැඟීම්, රූප, සඥ්ඥා, සැලීම් ඒ ඒ ආකරයෙන්ම කම්පන පමණක් ලෙසට දැකීමට සිත පුරුදු පුහුණු වේ. කෙසේ වෙතත්, සිහින තත්වයේදී, අපට සිහිය පාලනය කළ නොහැකි අතර "අවිඥානික කාන්දුවීම්" යටි සිතට ඇති බලපෑම හැසිරවිය නොහැක. එබැවින් සිහින ස්ථරයේදී මෙම දර්ෂණ සැබෑ භයංකාර, අඳුරු සෙවනැලි ආකාරයෙන් දැකිය හැක.

එනම්, භෞතික ලෝකයට ඇති බැඳීම් ඔබේ සිහින තුළ බිඳ වැටේ: ඔබේ බැඳීම්වලට අදාළ ඇතැම් වස්තූන් (ගුණාංග, මුදල් ආදිය) සොරකම් කර, විනාශ වී හෝ විනාශ වී ඇති බව ඔබට පෙනෙනු ඇත. මේ ආකාරයෙන්, ඔබ ඔබටම තබා ගත් මතකයන්, ඇබ්බැහිවීම් පිරිසිදු වෙමින් පවතී. මෙය කළ හැක්කේ මේවා ඉහළ ස්ථරවලට ගෙන ඒමෙන් පමණි, මන්ද මෙම ගති ලක්ෂණ අවිඥානික ස්ථරයෙන් වෙනත් තැනකට යා නොහැක. එය සැමවිටම පහළ සිට ඉහළට යන අතර එම නිසා මේවා මනසෙහි යටි සිත සහ සවිඥානික ස්ථර මගින් අප්‍රසන්න දර්ශන ලෙස දක්නට ලැබේ.

අපට නොමග යා හැකි තැන්
ඉතා සමීප පුද්ගලයෙකුගේ මරණය පිළිබඳ දර්ශනයක් අපට පෙනේ යැයි සිතමු. මෙය දුටු පසු අපි බියෙන් අවදි වූ වහාම, ඒ බව දැනුම් දීමට අපි එම පුද්ගලයා දුර කථනයෙන්ස ම්බන්ධ කර ගැනීමට ඉක්මන් විය හැකිය. අප මේ පිලිබඳව ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයින්, ටාරෝ කාඩ්පත් කියවන්නන්, ආත්ම ආයාචකයින් ගෙන් තොරතුරු ඇසීමට, සත්‍ය සෙවීමට පියවර ගනු ඇත. නමුත් මේ කිසිවකින් අවිඥ්ඥානික මනසේ කියැවීම් උගත නොහැක. මනස තුලින් ම එන කියැවීම් දේවත්වයට, ආධ්‍යාත්මයට බර අතර ඒව භෞතික ලෝකයේ දෑ වලින් නිර්වචනය කිරීම බෙහෙවින් අසීරුය.

මෙම දර්ශන සැබෑ යැයි සලකමින්, ඔබ අවසානයේ සම්පූර්ණයෙන්ම අදාළ නොවන දේවල් කිරීමට සහ වැරදි ක්‍රියාවන්හි නිරත වීමට පවා ඉඩ ඇත. ගුරුවරයෙකුගේ අවධානය වැදගත් වන්නේ මෙහිදීය. අනෙකුත් ගති ලක්ෂණ සඳහාද එසේමය. භාවනා කරන්නෙකුට මේ දේවල් වලට මුහුණ දිය හැක්කේ කෙසේදැයි ඔබ කල්පනා කරනවා විය හැකිය? සාමාන්‍ය විශ්වාසයේ දී, අපි අපගේ අරගල ජය ගැනීමට භාවනා කරන්නෙමු, නමුත් මෙම අවස්ථාවේ දී අරගල ප්‍රගතිය මැද දිස්වේ. ඝර්ෂණයකින් තොරව මැණිකක් ඔප දැමිය නොහැක, පරීක්ෂාවකින් තොරව කිසිදු මිනිසෙකු පරිපූර්ණ නොවේ. ඔබ අවිඥ්ඥානික මනස තරණය කරන විට අරගලය නොවැළැක්විය හැකිය. ඊට පෙර ඇති අනෙකුත් සියලුම ස්ථර වලින් ඔබට සැබවින්ම ඉගැන්වීමට කිසිවක් නැත!

බාධක ජය ගැනීම සඳහා අනුකම්පාව මූලික කොටගත් පුණ්‍ය කර්මයෝ
මේවා ඔබේ කෝපය, අමනාපය සහ බැඳීම් පිළිබිඹු කිරීමක් බව වටහා ගැනීමට කාලය ගතවේ. මෙම ගති ලක්ෂණ පිරිසිදු වූ විට, ඔබේ ආත්මයේ සහ සංජානනයෙහි ද යම් යම් වෙනස්කම් සිදුවීමට පටන් ගනී. ඔබ වඩාත් දයානුකම්පිත වන අතර, බැඳීම් බරක් බවට පත්වේ. මෙම අවධියට අපගේම අන්ධකාරයට වඩා වැඩි යමක් ඇත. ඔබට ඝන භාවනා අවශෝෂණයන් තිබේ නම්, ඔබ ස්වභාවිකවම බාහිර සෘණාත්මකභාවයන්ට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ප්‍රභාවක් ගොඩනඟනු ඇත.

අධ්‍යාත්මික වෘත්තිකයෙකු වීම සමහර විට ඔබව රැඩිකල් පුද්ගලයෙකු බවට පත් කළ හැකිය. නැතහොත් අපගේ විද්‍යාවේ පසුබිම්, තාර්කික මානසිකත්වය අපව එසේ බවට පත් කළ හැකිය. එබැවින් අපගේ සම්බන්ධතාවය, අන් අය සහ සමාජය කෙරෙහි සංවේදීතාව පෙර මෙන් එතරම් ශක්තිමත් නොවිය හැකිය. කරුණාව, පුණ්‍ය කටයුතු සහ ස්වේච්ඡා සේවය ඇත්ත වශයෙන්ම සමාජයක් පවත්වාගෙන යාමට, හිඩැස් පිරවීමට සහ වඩාත් අවදානමට ලක්විය හැකි අයට උපකාර කිරීම සඳහා කැපවූ සම්පත් සැපයීමට අවශ්‍ය වේ. මෙය පොදුවේ දැක්ම විය යුතුය. මෙම කාලය තුළ ඔබ එවැනි ක්‍රියාකාරකම්වල යෙදෙන විට, ඔබට වඩා හොඳ හැඟීමක් ඇති වේ, ඔබේ හදවත වඩාත් විවෘත වන අතර මෙම ක්‍රියාකාරකම් ඔබේ ආත්මය පෝෂණය කරයි. මෙය නිසැකවම ඔබේ හෘද මධ්‍යස්ථානය වටා ඇති සමහර අවහිරතා නිදහස් කළ හැකිය; එබැවින් ආත්මයේ අඳුරු රාත්‍රිය කෙටි කරයි. එපමණක් නොව, මෙම ක්‍රියාකාරකම් මගින් ඔබේ මනසෙහි ඇති සමහර නිෂේධාත්මක පීඩාවන්ද අවලංගු කළ හැකිය.

ඔබ තනිව සිටින අවස්ථාවක එවැනි අවස්ථාවක ඔබට කුමක් කළ හැකිද?
මෙම දර්ශනවල ඔබ දකින දේ යථාර්ථයේ දී ඔබට සිදුවී නොමැති තාක් කල් එය වැදගත් නොවේ. ඔබ සිහිනයේ දුටු පුද්ගලයා ඔබ දන්නා නමුත්, එම පුද්ගලයා ව්‍යසනකාරී සිදුවීමක සිටින බව එයින් අදහස් නොවේ. මායාකාරී තොරතුරු මායාකාරී ගැටළු වලට තුඩු දෙයි. අපගේ වඳුරු මනස ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වේ, එය මානසික අඛණ්ඩතාව පවත්වා ගැනීමට සබැඳි තත්වයන් සොයයි. ඔබ සිහිනයෙන් කෙනෙකුට රිදවන බව ඔබ දුටුවහොත්, එය එම පුද්ගලයා කෙරෙහි ඔබේ ඊර්ෂ්‍යාව, වෛරය සහ කෝපය පිළිබිඹු කරයි. මෙම දර්ශන දැකීමෙන් ඔබ කිසිදු නිෂේධාත්මක බවක් රැස් නොකරයි, එබැවින් ඒවා ගැන සැහැල්ලුවෙන් සිටිය යුතුයි. මේ ආකාරයෙන්, අපි මේ සියලු අවස්ථා අපගේම මනසෙහි පෙනුම සහ අපගේ කෙලෙස්වල පරාවර්තන ලෙස සැලකිය යුතුය. මෙම කාල පරිච්ඡේදය තුළ, අපගේ අවධානය ධර්ම පිළිවෙත්, සූත්‍ර සජ්ඣායනා කිරීම (ඔබ ආගමික නම්) හෝ සොබාදහම සමඟ එක්වීම, අධ්‍යාත්මිකත්වයට අදාළ පොත් කියවීම කෙරෙහි යොමු කළ යුතුය.

ඔබ භෞතික ශරීරයෙන් වෙන්වීමට ඉතා ආසන්නව සිටින විට, භාවනා දර්ශන වලදී ඔබට යම් වේදනාවන් සහ ඒ ආශ්‍රිත කර්ම ණය ගෙවීම් අත්විඳිය හැකිය. අවසානයේ සිදුවන සියලු දෑ, හේතු ඵල ක්‍රියාවලියක් ලෙස අත්දැකිය හැක. එක්කෝ ඔබට මේ සියල්ල ගැන මනස විකාර කරගනු ඇත, නැතහොත් පිළිගෙන සිහියෙන් සිටිය හැකිය. අප අත්විඳින්නේ අපගේ මනසෙහි ප්‍රක්ෂේපණයක් පමණි, එය මාර්ගයේ ප්‍රගතියේ බාහිර ප්‍රකාශනයකි.

මනසේ පාරිශුද්ධ තත්වයන්ගේ ආලෝකය, ධ්‍යාන සමාපත්ති ආලෝකය මතු වීම
2022 දෙසැම්බර් 3 වන දින, මම පෝල් ඩි වාල් (රොටර්ඩෑම් සිට) සමඟ භාවනා කරමින් සිටියෙමි, භාවනාවේදී නැතිවූ පැහැදිලි ආලෝකය නැවතත් දිස් වූයේ මෙහිදීය. මෙය ඇත්තෙන්ම වේදනාකාරී ඇස් සඳහා පිවිතුරු දර්ශනයක්ම විය. සාමාන්‍යයෙන් ආත්මයේ අඳුරු රාත්‍රියේ ආරම්භයේ දී අතුරුදහන් වන ආලෝකය එකම තීව්‍රතාවයකින් දිස්වන අතර, එම නිසා දරු හා මවු ශුද්ධාලෝකයන්ගේ (child/mother clear lights) නැගීම හා නැවත මතු වීම සිදු වේ. ඒ සමඟම, විශ්වාසය ඇති වූ අතර භාවනාව සුමටව සිදු විය. ආලෝකය නැවතත් පැහැදිලිකම සහ සතුට ගෙන ආවේය. මෙම ක්‍රියාවලිය අවිඥානික කැළැල් තවදුරටත් ඉවත් කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අවසාන පැහැදිලි ආලෝකය දිස් විය. මෙම අදියර පීතෲ ශුද්ධාලෝකය ලෙස හඳුන්වනු ලබන අතර එහිදී පිරිසිදු කිරීමේ ක්‍රියාවලියම අපගේ මනසෙහි සැබෑ සහ පිරිසිදු ස්වභාවය හෙළි කරයි.

මනසෙහි සංශුද්ධතාවය බොහෝ මානසික විලංගු කපා හරින අතර ඒ සමඟම, පුද්ගලයාට අසීමිත නිදහසක් පැමිණේ. සැබෑ ඥානාලෝකය සඳහා, ස්වයං-ග්‍රහණයෙන්, කෝපයෙන් සහ පිළිකුලෙන් නිදහස් වීමත් සමඟ එන මනසෙහි සංශුද්ධතාවය අවශ්‍ය වේ. එබැවින් අපගේ කම්පන සංඛ්‍යාතය වැඩි කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. අපගේ කම්පණ සංඛ්‍යාතය, ශක්තිය වැඩි කිරීම චක්‍ර අවධි කිරීමෙන් පමණක් සිදු වන්නකි.

කම්පන සංඛ්‍යාතය වැඩි කිරීම පාරිශුද්ධත්වය නොවේ !!!
ඔබේ ශක්තීන් ඉහළ නැංවීමේ හෝ ඔබේ පද්ධතියේ ඉහළ චක්‍ර විවෘත කිරීමේ වරදක් නැත. කම්පන ශක්තිය කොතරම් ඉහළ වුවත්, ධනාත්මක බව සැමවිටම අපගේ මනසෙහි සංශුද්ධතාවය අනුගමනය කළ යුතුය. බොහෝ අධ්‍යාත්මික සම්ප්‍රදායන්හි, පාරිශුද්ධත්වය හෝ පැහැදිලි සැහැල්ලු මනස (ප්‍රභාෂ්වර, ශුද්ධාලෝක සමාපත්තීන් - Clear Lights) බොහෝ විට අවධාරණය කරනු ලබන්නේ මේ නිසාය. මෙම පැහැදිලි ආලෝකය අත්විඳින "කිසිවෙකු" නැත; අපගේ පෞද්ගලිකත්වය, අනන්‍යතා, ලේබල් සියල්ලම මෙම භාවනා තත්වයේදී දිය වේ. අපි කිසිවෙකුට වඩා උසස් නොවේ, පහත් නොවේ. ඒ වෙනුවට අපි සෑම කෙනෙකු සමඟම එක් වෙමු. භාවනා කරන්නා මෙම තත්වයට ඇතුළු වී එයින් පිටවන විට, කිසිවෙකුට එම තත්වයේ පුද්ගල ස්වභාවයෙන් සිටිය නොහැක. මෙම භාවනා ගුණාංගය සමඟ, අප තුළ අනුකම්පාව ඇති වේ.

කලින් සඳහන් කළ පරිදි, ඔබ 3 වන ඇස ඉක්මවා ගිය විට, ඔබේ ශක්ති පද්ධතියේ ද්විත්ව භාවය (Duality) පහත වැටෙන අතර, මෙය ඔබට යම් විචාර බුද්ධියක් ගෙන එයි. 3 වන ඇස චක්‍රයෙන් පසු ද්විත්ව නොවන ස්වභාවයට හේතුව, එය මෙම අවස්ථාවේදී ඉඩා/පිංගල නාඩි ශක්තීමය වශයෙන් ඒකාබද්ධ වීමයි. කෙසේ වෙතත් මෙම ද්විත්ව නොවන බව දැනෙන්නේ ඔබේ ශක්ති මට්ටම්වලදී පමණි. මනසෙහි ද්විත්ව ස්වභාවය තවමත් පවතින අතර පැහැදිලි ආලෝක මනස අත්විඳින විට පමණක් එය අඩු වීමට පටන් ගනී. අප සහ අන් අය අතර ද්විත්ව භාවය, සංසාරය සහ නිර්වාණය, සිතුවිල්ල සහ සිතිවිලි නොමැතිකම, පැවැත්ම සහ නොපැවැත්ම, ආත්මීය-වෛෂයික යථාර්ථයන් සහ එම නිසා හිස්බව අර්ථවත් වීමට පටන් ගනී.

සත්‍යය මූර්තිමත් වීමේ (Ascension) ක්‍රියාවලිය
මෙම ක්‍රියාවලිය විශේෂ අවස්ථාවකි. මෙම ක්‍රියාවලියෙන් පසු, පුද්ගලයා අධ්‍යාත්මික ලෝකයේ යම් ඉහළ ආධ්‍යාත්මික ගුරුවරයෙකු බවට පත් වේ. සාමාන්‍යයෙන් මෙවැන්නකු දිව්‍යමය අවතාරයක් ලෙස හඳුන්වයි. සමස්ත මිනිස් සංහතියේම විඥානය නඟා සිටුවීම සඳහා ඔහුට ඉටු කිරීමට විශේෂ කාර්යයක් ඇත. අපගේ සාමාන්‍ය මනුෂ්‍යය විඥානය සහ ශක්ති ශරීර එසේ කිරීමට සැබවින්ම සුදුසු නොවන බැවින්, ආත්ම ක්ෂේත්‍රයෙන් හෝ සම්බෝගකායෙන් පැමිණෙන දිව්‍යමය අවතාරයක් ලෙස එය මනුෂ්‍ය සිරුරකට පැමිණිය යුතුය. මෙය ගැඹුරු මාතෘකාවක් බැවින්, මෙම මාතෘකාවට වෙනම සටහනක් ලැබිය යුතුය.



Comments

Popular posts from this blog

අපගේ ආධ්‍යාතමික පරපුර

ආධ්‍යාත්මික අවධිය - වචන සහ ශුද්ධ ලියවිලිවලට එහා ගිය සත්‍යය

අපගේ භෞතික ශරීරය සහ මනස අතර මායාමය සම්බන්ධතාවය - අපි නැවත ඉපදෙනවාද ? (සාරාංශය)